ඩ්‍රෝන් (Drone) පරීක්ෂක යානාවක ලෝකයේ දෘෂ්ථිපථය 3D සිතියමයක් දක්වා....


ඩ්‍රෝන් (Drone) පරීක්ෂක  යානාවක ලෝකයේ දෘෂ්ථිපථය 3D සිතියමයක් දක්වා....




Lahiru Supun |  | 14-Nov-2016                 -Rf Mission

ඔබ 60Km/h පමණ වේගයෙන් ආකාසය තුලින් පියාසරියක නිරත වන විට පහත් භූමියේ දර්ශනය පැහැදිලි ලෙස ලබා ගැනීම ඉතා අසීරු කාර්යයකි.නමුත් ඩ්‍රෝන් පරීක්ෂක යානා මෙම කාර්යය එහි ගමන් වේගය හෝ උන්නතාංශය අනුව ඉතාමත් මැනවින් ඉටුකරන්නේ සාමන්‍ය භාවිත කැමරාවල පමණක් ආධාරයෙනි.

මෙම තාක්ෂණය Hydra Fusion නමින් හදුන්වනු ලබන අතර කැනඩාවේ Lockheed Martin හි පර්යේෂකයන් පිරිසක් විසින් මෙය වැඩිදියුණු කරනු ලබන්නේ ආකාස ප්‍රවීක්ෂණයයේදී ඩ්‍රෝන් හි කර්තව්‍ය වඩාත් මැනවින් ඉටුකිරීමටය.



මෙම Hydra Fusion තාක්ෂණය පාදක කරගන්නෙ ඡායාලේඛනමිතිය නමින් හඳුන්වනුලබන ක්‍රමවේදයක් වන අතර එය චලිතය තුලින් සැකිල්ලක් ලබාගැනීම ලෙසටද ව්‍යවහාරිකව නම් දැරේ.මෙම ක්‍රියාවලියේදී කාලානුක්‍රමික වීඩියෝ රාමු 2 එක්කසුවෙන් විස්තරාත්මක 3D සිතියමයක් ලබා ගැනීම මෙම තාක්ෂණය මගින් සිදු කරනු ලබයිඅතීතයේදී එම පරිවර්තනය සඳහා පැය ගනන් කාලය ගතවී ඇත. 

නමුත් වර්තමානය වන විට පර්යේෂකවරුන් විසින් වීඩියෝ ක්‍රීඩා සදහා පරිගණක වල භාවිතා කරන ලද වේගවත් ප්‍රතිබිම්බය සැකසීම සදහා භාවිතා කරන Power GPU යොදාගනිමින් ඉහත ක්‍රියාවලිය ඉතාමත් පහසුවෙන් ඩ්‍රෝන් පරීක්ෂක යානාව ආකසය තුල පවතින එම අවස්තාවෙදීම ගස් සහ ගොඩනැගිලි සහිත පැහැදිලි 3D දර්ශණයක් පැහැදිලිව ලබා දීමට (පික්සල් 1කට 30cm resolution )සමත් වී තිබේ.

-David Hambling
ගෙනි-

මාගෙ වැඩිදුර ඉදිරිපත් කිරීම් ලබාගැනීමට -















Comments

Popular posts from this blog